Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්

දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්

යෙහෝවා දෙවියන්ගෙන් පැවරුමක් ලැබුණාම මෝසෙස්ට හිතුණා ඒක ඉටු කරන්න තමන්ට හැකියාවක් නැහැ කියලා. (නික් 4:10, 13) ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? ඔයා සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන කෙනෙක්ද? ‘ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න මට පුළුවන් වෙයිද’ කියලා ඔයා කල්පනා කරනවාද? එහෙමත් නැත්නම් ඔයා ඉස්කෝලේ අයට සාක්ෂි දරන්න බයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් දුරකථනයෙන් සාක්ෂි දරන්න හරි පොදු ස්ථානවල සාක්ෂි දරන්න හරි බයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් දිගටම දෙවියන්ගෙන් බලය ඉල්ලලා යාච්ඤා කරන්න. (1පේතෘ 4:11) දෙවියන්ගෙන් ලැබෙන ඕනෙම පැවරුමක් හොඳින් ඉටු කරන්න ඔයාට උදව් කරන්න දෙවියන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න.—නික් 4:11, 12.

‘ධෛර්යවත් . . . ප්‍රචාරකයෙක් වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදරි අඔයාමා මුහුණ දීපු අභියෝගය මොකක්ද?

  • එයාට ලැබුණු පැවරුම ඉටු කරන්න ශක්තියත් ධෛර්යයත් ලැබුණේ කොහොමද?—යෙරෙ 20:7-9

  • වැඩිපුර සේවයක් කරන්න ඉදිරිපත් වුණු නිසා එයාට අද්දකින්න ලැබුණු ප්‍රයෝජන මොනවාද?

  • යෙහෝවා දෙවියන්ගේ උපකාරයෙන් ඔයාට ජය ගන්න පුළුවන් වෙන්නේ සේවයේදී මුහුණ දෙන්න වෙන මොන වගේ අභියෝගද?