Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 12-13

ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලින් ඉගෙනගන්න

ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලින් ඉගෙනගන්න

13:4, 5, 45, 46, 52, 57

ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලට පදනම් වුණු ප්‍රතිපත්තිවලින්, යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න එක ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • ලාදුරු රෝගය ඉක්මනින්ම අඳුරගන්නේ කොහොමද කියලා යෙහෝවා දෙවියන් පූජකයන්ට කියලා දීලා තිබුණා. අද ඉන්න ක්‍රිස්තියානි එඬේරුනුත් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් ඕනෙ අයට ඉක්මනින්ම උදව් කරන්න පියවර ගන්නවා.—යාකො 5:14, 15

  • ලාදුරු රෝගය පතුරුවන විෂබීජය යම් දෙයක වැදිලා තිබුණා නම් ඒ දේ විනාශ කරන්න ඕනෙ වුණා. එහෙම කළේ විෂබීජ පැතිරෙන එක වළක්වන්නයි. අද ඉන්න ක්‍රිස්තියානීනුත් තමන්ව වරදකට පොලඹවන්න පුළුවන් ඕනෙම දෙයක්, සමහරවිට හුඟක් ආස දෙයක් වුණත් අත්හරින්න කැමැත්තෙන් ඉන්න ඕනේ. (මතෙ 18:8, 9) ඒකට විනෝදෙට කරන දෙයක්, පුරුද්දක් එහෙමත් නැත්නම් ආශ්‍රය කරන කෙනෙක් ඇතුළත් වෙන්න පුළුවන්

යෙහෝවා දෙවියන්ගේ උදව් පිළිගන්න ලොකු කැමැත්තක් තියෙනවා කියලා ක්‍රිස්තියානියෙක්ට පෙන්වන්න පුළුවන් කොහොමද?