Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු

දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු

පසුතැවිලි නොවන වරදකරුවෙක්ව සභාවෙන් ඉවත් කරන එකෙන් සභාවේ අයට ආරක්ෂාවක් ලැබෙනවා වගේම වරදකරුට හික්මවීමකුත් ලැබෙනවා. (1කොරි 5:6, 11) කෙනෙක්ව සභාවෙන් ඉවත් කරද්දී පවුලේ අය, විනිශ්චය කමිටුවේ අය ඇතුළු හැමෝටම ඒක ලොකු වේදනාවක් වුණත් අපි ඒ සැලැස්මට සහයෝගය දක්වද්දී පෙන්වන්නේ අපේ ආදරය සහ ළැදිකමයි. ඇයි එහෙම කියන්නේ?

ප්‍රධානම හේතුව තමයි යෙහෝවා දෙවියන්ගේ නාමයට කැළැලක් වෙනවාට අපි පොඩ්ඩක්වත් කැමති නැහැ කියලත් ශුද්ධකම ගැන ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට ළැදියි කියලත් අපි ඒකෙන් පෙන්වනවා. (1පේතෘ 1:14-16) සභාවෙන් ඉවත් කරපු කෙනා ගැන අපිට තියෙන ආදරයත් අපි පෙන්වනවා. බරපතළ හික්මවීමක් ලැබෙද්දී ඒක වේදනාකාරී වුණත් ඒකෙන් ප්‍රයෝජන ගත්තොත් “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න” පුළුවන් වෙනවා. (හෙබ්‍රෙ 12:5, 6, 11) සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ව හරි ඉවත් වුණු කෙනෙක්ව හරි ඇසුරු කළොත් අපි පෙන්වන්නේ දෙවියන් දෙන හික්මවීම අපි ගණන් ගන්නේ නැහැ කියලයි. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව හික්මවන්නේ “සුදුසු ප්‍රමාණයටයි” කියලා මතක තියාගමු. (යෙරෙ 30:11) වරද කරපු කෙනා දයාවෙන් පිරුණු අපේ පියාණන් ළඟට ආයෙත් එන කල් අපි බලාගෙනයි ඉන්නේ. ඒ දවස එන කල් දෙවියන් හික්මවීම ලබා දෙන සැලැස්මට දිගටම සහයෝගය දෙමු. ඔහුට තවත් ළං වෙන්න කරන්න පුළුවන් හැම දේම අපි කරමු.—යෙසා 1:16-18; 55:7.

‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • දරුවෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියාම දෙමාපියන්ට දැනෙන්නේ කොහොමද?

  • පවුලේ අනිත් විශ්වාසවන්ත අයට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

  • පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ළැදි වෙන්න ඕනෙ කියලා පෙන්වන බයිබල් වාර්තාව මොකක්ද?

  • පවුලේ අයට වඩා දෙවියන්ට ළැදියි කියලා පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?