Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 29-30

යාකොබ් විවාහ වෙයි

යාකොබ් විවාහ වෙයි

29:18-28

විවාහයත් එක්ක තමන්ට මුහුණ දෙන්න වෙන අභියෝග ගැන යාකොබ් දැනගෙන හිටියේ නැහැ. රාකෙල් සහ ලෙයා තුළ තරඟකාරී ස්වභාවයක් ඇති වුණා. ඒ නිසා එයාලා අතර නිතරම ප්‍රශ්න ගැටලු ඇති වුණා. (උත් 29:32; 30:1, 8) ඒ අමාරු කාලෙදිත් යෙහෝවා දෙවියන් තමන් එක්කම හිටියා කියලා යාකොබ් අද්දැක්කා. (උත් 30:29, 30, 43) එයාගේ දරුවන්ගෙන් තමයි ඊශ්‍රායෙල් ජාතිය බිහි වුණේ.—රූත් 4:11.

මේ කාලෙදිත් විවාහ වෙන අයට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. (1කොරි 7:28) ඒ වුණත් එයාලා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සතුටින් පිරුණු විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. —හිතෝ 3:5, 6; එෆී 5:33.