Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න

සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න

ඒක වැදගත් ඇයි? හුඟක් අන්ධ අය අඳුරන්නේ නැති අය එක්ක කතාබහ කරන්න කැමති නැහැ. ඒ නිසා අන්ධ අයට සාක්ෂි දරන්න අපි හොඳට පුරුදු වෙන්න ඕනේ. යෙහෝවා දෙවියන් අන්ධ අය ගැන හුඟක් සැලකිලිමත් වෙනවා. (ලෙවී 19:14) අපිටත් පුළුවන් එයාලා ගැන සැලකිලිමත් වෙලා දෙවියන්ගේ යාළුවන් වෙන්න එයාලට උදව් කරන්න.

ඒක කරන්නේ කොහොමද?

  • අන්ධ අයව ‘හොයන්න.’ (මතෙ 10:11) ඔයා දන්න හඳුනන පවුලක අන්ධ කෙනෙක් එහෙම ඉන්නවාද? අන්ධ අය වෙනුවෙන් සකස් කරලා තියෙන ප්‍රකාශන ගන්න කැමති පාසැල්, සාත්තු නිවාස, ආයතන ඔයාගේ සභාවට පවරලා තියෙන ප්‍රදේශයේ තියෙනවාද?

  • පෞද්ගලික සැලකිල්ල පෙන්වන්න. අන්ධ කෙනෙක් එක්ක කතා කරද්දී ඔයා ඒ කෙනා ගැන අවංකවම සැලකිලිමත් වෙලා මිත්‍රශීලී විදිහට කතා කළොත් හුඟක් වෙලාවට ඒ කෙනා ඔයාට ඇහුම්කන් දෙන්න පෙලඹෙයි. හුඟදෙනෙක් කතා කරන්න උනන්දු වෙන විෂයකින් සාකච්ඡාවක් පටන්ගන්න උත්සාහ කරන්න.

  • දෙවියන් ගැන දැනගන්න උදව් කරන්න. අපේ සංවිධානයෙන් පෙනීමේ දුර්වලතා තියෙන අය වෙනුවෙන් විවිධ ෆෝමැට්වලින් ප්‍රකාශන සකස් කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක්ව හමු වුණාම මොන ෆෝමැට් එක පාවිච්චි කරලාද ඉගෙනගන්න කැමති කියලා එයාගෙන් අහන්න. පොත් පත් අංශය භාර සහෝදරයා, අන්ධ අය වෙනුවෙන් සකස් කරලා තියෙන ප්‍රකාශන ඒ අයට අවශ්‍ය ෆෝමැට්වලින් ඉල්ලුම් කරලා තියෙනවාද කියන එක ගැන සේවා සංවිධායක හොයලා බලන්න ඕනේ.