Skip to content

පටුනට යන්න

මාර්තු 9-15

උත්පත්ති 24

මාර්තු 9-15

දේවවචනය නිධානයක්

  • ඊසාක්ට බිරිඳක්”: (විනා. 10යි)

    • උත් 24:2-4—යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අය අතරින් ඊසාක්ට බිරිඳක් හොයන් එන්න කියලා ආබ්‍රහම් එයාගේ සේවකයාට කිව්වා (wp16.3 14 3¶)

    • උත් 24:11-15—ආබ්‍රහම්ගේ සේවකයාට ළිඳක් ළඟදී රෙබෙකාව මුණගැහුණා (wp16.3 14 4¶)

    • උත් 24:58, 67—ඊසාක්ව විවාහ කරගන්න රෙබෙකා කැමති වුණා (wp16.3 14 6-7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 24:19, 20—රෙබෙකා කටයුතු කරපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (wp16.3 12-13)

    • උත් 24:65—රෙබෙකා සළුවකින් එයාගේ හිස වහගත්තේ ඇයි? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (wp16.3 15 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 24:1-21 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා දක්ෂ විදිහට ප්‍රශ්න යොදාගත්තේ කොහොමද? යේසුස් ගැන අහපු ප්‍රශ්නයට නිවැසියා දීපු උත්තරයට ප්‍රචාරකයා ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ආරාධනා පත්‍රයට අදාළ සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් පෙන්වනවා. ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 25

  • මාර්තු 14වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 8යි) සාකච්ඡාවක්. හැමෝටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දීලා ඒකේ තියෙන දේවල් සලකලා බලන්න. සාකච්ඡාවකට යෝජනා වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. සභාවට අයිති ප්‍රදේශය ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.

  • මං ආරාධනා කරන්නේ කාටද?”: (විනා. 7යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 107 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 9 සහ යාච්ඤාව