Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මං ආරාධනා කරන්නේ කාටද?

මං ආරාධනා කරන්නේ කාටද?

සේවය කරන ප්‍රදේශයේ ඉන්න අයට යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරන්න හැම අවුරුද්දකම අපි විශේෂ වෑයමක් දරනවා. ඒ අයගෙන් වැඩිදෙනෙක් අපි හඳුනන්නේ නැති අය. ඒත් දන්න හඳුනන අයටත් අපි ආරාධනා කරන්න ඕනේ. මොකද දන්න හඳුනන කෙනෙක්ගෙන් ආරාධනයක් ලැබුණාම ඒක පිළිගන්න හුඟක් අය පෙලඹෙනවා. (yb08-E 11 3¶; 14 1¶) ඔයාට ආරාධනා කරන්න පුළුවන් කාටද?

  • පවුලේ අයට, නෑදෑයන්ට

  • වැඩපොළේ අයට, ඉස්කෝලේ අයට

  • අසල්වැසියන්ට

  • නැවත බැලීම්වලට, කලින් කරපු සහ දැන් කරන බයිබල් පාඩම්වලට

අක්‍රියාශීලී අයට වැඩිමහල්ලන් ආරාධනා කරයි. ඔයා දන්න හඳුනන කෙනෙක් ඉන්නේ වෙන පළාතක නම් මොනවාද කරන්න පුළුවන්? ඒ කෙනා ඉන්න ප්‍රදේශයේ සිහි කිරීම පවත්වන තැනයි, වෙලාවයි jw.org වෙබ් අඩවියෙන් හොයාගන්න ඔයාට පුළුවන්. ඒකට වෙබ් අඩවියේ මුල් පිටුවේ “අපි ගැන” කියන කොටසට ගිහින් “සිහි කිරීම” යටතේ බලන්න. මේ අවුරුද්දේ සිහි කිරීමට සූදානම් වෙද්දී ඔයාට ආරාධනා කරන්න පුළුවන් කාටද කියලා හොඳට හිතලා ඒ හැමෝටම ආරාධනා කරන්න.