Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!

ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!

අපේ සමුළුවලින් අපි මේ තරම් සතුටක් ලබන්නේ ඇයි? අතීතයේ ඊශ්‍රායෙල්වරු පවත්වපු උත්සවවලදී වගේම අපේ සමුළුවලදිත් සහෝදර සහෝදරියන් දහස් ගාණක් එක්ක එකට එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. සමුළුවලදී අපි ඉගෙනගන්න දේවල් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙනවා. අපේ පවුල්වල අයත් එක්ක, යාළුවොත් එක්ක ආශ්‍රය කරන්න ලැබෙන එකත් අපිට ලොකු සතුටක්. සමුළු ගැන අපේ හිතේ තියෙන අගය නිසා දවස් තුනටම සහභාගි වෙන්න අපි පෙලඹෙනවා.

සමුළුවලදී අපිටම ප්‍රයෝජන ගන්න එක ගැන හිතනවා වෙනුවට අනිත් අයට ආදරය පෙන්වන්න පුළුවන් විදි ගැන අපි හිතන්න ඕනේ. (ගලා 6:10; හෙබ්‍රෙ 10:24, 25) තව කෙනෙක් වෙනුවෙන් දොරක් ඇරගෙන ඉන්න එකෙන්, අවශ්‍ය ප්‍රමාණයට විතරක් පුටු වෙන් කරන එකෙන් අපි පෙන්වන්නේ අනිත් අය ගැන අපි සැලකිලිමත් කියලයි. (ෆිලි 2:3, 4) අලුත් යාළුවන් ඇති කරගන්නත් සමුළු හොඳ අවස්ථාවක්. අපිට පුළුවන් වැඩසටහන පටන්ගන්න කලින්, ඉවර වුණාට පස්සේ, දවල් කෑම වෙලාවෙදි අපි දන්නේ නැති අය ළඟට ගිහිල්ලා එයාලව අඳුරගන්න. (2කොරි 6:13) ඒ වගේ ඇති කරගන්න යාළුකම් ජීවිත කාලෙටම වුණත් තියෙන්න පුළුවන්. අපි අතර තියෙන සැබෑ ආදරය දකිද්දී තවත් අය දෙවියන්ට නමස්කාර කරන්න පෙලඹෙන එක ඒ හැම දේටම වඩා වටිනවා.—යොහ 13:35.

‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • 2019 ජාත්‍යන්තර සමුළුවලට වෙනත් රටවලින් ආපු අයට ආදරය පෙන්වලා තියෙන්නේ කොහොමද?

  • දෙවියන්ගේ සෙනඟ අතර තියෙන ආදරය මේ තරම් කැපිලා පේන්නේ ඇයි?

  • ආදරය ගැන පාලක මණ්ඩලයේ සහෝදරයන් කිව්වේ මොනවාද?

  • සමුළුවලදී අනිත් අයට ආදරය පෙන්වන්න ඔයාට පුළුවන් කොහොමද?

    ජර්මනියේ සහ දකුණු කොරියාවේ පීඩා තිබුණු කාලවලදී සහෝදරයන්ට එකමුතුව ඉන්න ආදරය උදව් වුණේ කොහොමද?

  • අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?