Skip to content

පටුනට යන්න

දාසයන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් ජුබිලි අවුරුද්දේදී පවුලේ අය ළඟටත් ගම්බිම්වලටත් ආපහු යනවා

දේවවචනය නිධානයක්

ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස

ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස

ජුබිලි අවුරුද්ද නිසා කිසිම ඊශ්‍රායෙල්වරයෙක්ට ණය බරින් සහ දුප්පත්කමින් හැමදාටම දුක් විඳින්න සිද්ධ වුණේ නැහැ (ලෙවී 25:10; it-1-E 871; කවරයේ පින්තූරය බලන්න)

ඉඩමක් විකුණද්දී වටිනාකම තීරණය කළේ ඒකෙන් අස්වැන්න ලබාගන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණට අනුවයි (ලෙවී 25:15; it-1-E 1200 2¶)

ජුබිලි අවුරුද්ද ගැන දීලා තිබුණ නීතිවලට කීකරු වෙද්දී දෙවියන් තමන්ගේ සෙනඟට ආශීර්වාද කළා (ලෙවී 25:18-22; it-2-E 122-123)

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය ළඟදීම පාපයෙන් සහ මරණයෙන් නිදහස ලබද්දී ජුබිලි අවුරුද්දෙන් සංකේතවත් වුණු සැබෑ නිදහස අද්දකින්න එයාලට අවස්ථාව ලැබෙනවා.—රෝම 8:21.

යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන නිදහස අද්දකින්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?