දේවවචනය නිධානයක්
ලෙවීවරුන් ඉටු කරපු සේවය
ඊශ්රායෙල් සෙනඟගේ කුලුඳුලන් වෙනුවට යෙහෝවා දෙවියන් ලෙවීවරුන්ව ගත්තා (ගණන් 3:11-13; it-2-E 683 3¶)
ලෙවීවරුන්ට හුඟක් විශේෂ කාර්යයන් පැවරුණා (ගණන් 3:25, 26, 31, 36, 37; it-2-E 241)
ලෙවීවරුන්ට පැවරිලා තිබුණ මුළු වැඩ කොටසම කරන එක බලාපොරොත්තු වුණේ වයස අවුරුදු 30ත් 50ත් අතර හිටපු අයගෙන් විතරයි (ගණන් 4:46-48; it-2-E 241)
පූජකයන්ගේ කාර්යයන් පැවරිලා තිබුණේ ආරොන්ගේ පවුලේ පුරුෂයන්ට විතරයි. අනිත් ලෙවී පුරුෂයන්ට පැවරිලා තිබුණේ පූජකයන්ට සහාය දෙන එකයි. ඒ වගේ අදත් පෙරමුණ අරන් වැඩ කරන සමහර සහෝදරයන් සභාවේ බැරෑරුම් වගකීම් ඉටු කරද්දී අනිත් සහෝදරයන් නමස්කාරයට සම්බන්ධ වෙනත් වැඩකටයුතුවලට සහාය වෙනවා.