සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
හදවතට කතා කරන්න
දෙවියන්ට කීකරු වෙන්න කියලා කෙනෙක්ට බල කරන්න බැහැ. ඒක හදවතින්ම එන දෙයක්. (හිතෝ 3:1) ඒ නිසා උගන්වද්දී අපි කෙනෙක්ගේ හදවතටම කතා කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?
ශිෂ්‍යයෙක්ට බයිබලේ තියෙන දේවල් නිකම්ම උගන්වලා මදි. ඒ දේවල් එයාගේ ජීවිතේට, යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට බලපාන විදිහ තේරුම්ගන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලින් දෙවියන්ගේ ආදරේ, යහපත්කම සහ ධර්මිෂ්ඨකම පේන්නේ කොහොමද කියලා තේරුම්ගන්නත් උදව් කරන්න ඕනේ. ප්‍රශ්න අහලා ශිෂ්‍යයා දැනටමත් ඉගෙනගෙන තියෙන දේවල් ගැන එයාට හැඟෙන විදිහ එයාටම තේරුම්ගන්න උදව් කරන්න. එයා හිතන විදිහ හරි පුරුද්දක් හරි වෙනස් කරගත්තොත් ලැබෙන ප්‍රයෝජන ගැන හිතලා බලන්න එයාට ඉවසීමෙන් උදව් කරන්න. එයා මුළු හිතින්ම යෙහෝවා දෙවියන්ට ආදරේ කරනවා දකිද්දී ඔයාගේ සතුට තවත් වැඩි වෙයි.
‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - හදවතට කතා කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
“එදා කතා කරපු එක ගැන ඔයා හිතුවාද?” කියලා නීටා ලිලීගෙන් ඇහුවේ ඇයි?
-
දෙවියන් අපිට බයිබල් ප්‍රතිපත්ති දීලා තියෙන්නේ ආදරේ නිසයි. ඒක තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?
-
දෙවියන්ට තියෙන ආදරේ පෙන්නන්නේ කොහොමද කියලා තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?