යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ධෛර්යවන්තව වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි
ධෛර්යවත් කෙනෙක් කියන්නේ ස්ථිරව ඉඳලා නිර්භීතව වැඩ කරන කෙනෙක්ට. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ එයාට කවදාවත් බයක් දැනෙන්නේ නැහැ කියන එක නෙවෙයි. බයක් දැනුණත් එයා හරි දේ කරනවා. අපිට ඒ වගේ ධෛර්යයක් ඇතුව ඉන්න උදව් කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි. (ගීතා 28:7) යෞවන වයසේ ඉන්න ඔයාට ධෛර්යවත්ව වැඩ කරන්න පුළුවන් කොහොමද?
‘බියගුලු අයව නෙමෙයි ධෛර්යවන්ත අයව ආදර්ශයට ගන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
යෞවන අයට ධෛර්යය ඕනෙ මොන වගේ දේවල්වලට මුහුණ දෙනකොටද?
-
ධෛර්යවත්ව වැඩ කරන්න උදව් වෙන බයිබල් සිද්ධීන් මොනවාද?
-
අපි ධෛර්යවත්ව වැඩ කරද්දී ඒක අපිටත් අපි දිහා බලන් ඉන්න අයටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?