Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් විදිහටත් තරුණ ස්ත්‍රීන්ව සහෝදරියන් විදිහටත් සලකමු

වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් විදිහටත් තරුණ ස්ත්‍රීන්ව සහෝදරියන් විදිහටත් සලකමු

සභාවේ ඉන්න වැඩිහිටි අයව මව්වරුන් සහ පියවරුන් විදිහටත් තරුණ අයව සහෝදර සහෝදරියන් විදිහටත් සලකන්න කියලා බයිබලේ කියනවා. (1 තිමෝති 5:1, 2 කියවන්න.) විශේෂයෙන්ම සහෝදරයන් සහෝදරියන්ව වටිනා අය විදිහට සලකලා එයාලට ගෞරවය පෙන්නන්න ඕනේ.

සහෝදරයෙක් කවදාවත් සහෝදරියෙක්ට ඉඟි බිඟි පාන්නවත් එයාව අපහසුතාවයට පත් කරන විදිහට දේවල් කරන්නවත් හොඳ නැහැ. (යෝබ් 31:1) තනිකඩ සහෝදරයෙක් තමන්ට විවාහ වෙන්න අදහසක් නැති තනිකඩ සහෝදරියකට බොරු බලාපොරොත්තු ඇති වෙන විදිහට වැඩ කරලා එයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක වැරදියි.

සහෝදරියක් වැඩිමහල්ලෙක්ගෙන් ගෞරවනීයව යම් දෙයක් අහද්දී එහෙමත් නැත්නම් අවධානය දෙන්න ඕනෙ පැත්තක් පෙන්නලා දෙද්දී ඒ වැඩිමහල්ලා ඒකට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. වැඩිමහල්ලන් ස්වාමිපුරුෂයෙක් නැති සහෝදරියන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.—රූත් 2:8, 9.

‘අපේ සහෝදරයන්ට නොසැලෙන ආදරයක් පෙන්වමු - වැන්දඹුවන්ට සහ පියා නැති දරුවන්ට’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සභාවේ අය සහෝදරි මින්ට්ට ආදරේ පෙන්නුවේ කොහොමද?

  • සහෝදරයන් පෙන්නපු ඒ ආදරේ ගමේ අයට හොඳ සාක්ෂියක් වුණේ කොහොමද?

  • ඒ ආදරේ එයාගේ දුවලාට බලපෑවේ කොහොමද?

ඔයාගේ සභාවේ ඉන්න සහෝදරියන්ට ආදරය සැලකිල්ල පෙන්නන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද?