Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න

සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න

දෙවියන්ගේ වචනය බලවත්. (හෙබ්‍රෙ 4:12) දෙවියන් ගැන දන්නේ නැති කෙනෙක්ගේ හදවතට වුණත් කතා කරන්න බයිබලයට පුළුවන්. (1තෙස 1:9; 2:13) අපි කෙනෙක්ට බයිබලයෙන් දෙයක් පෙන්නුවාම එයා ඒක හුඟක් අගය කරනවා කියලා දකිද්දී ඒකෙන් අපිට ලොකු සතුටක් ලැබෙනවා.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න නම් බයිබලයෙන්ම දේවල් හොයලා බලන එක වටිනවා කියලා තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?

  • බයිබල් පද ශබ්ද නඟා කියවපු එකෙනුත් ඊටපස්සේ කාවද්දන්න ඕන අදහස්වලට විශේෂ අවධානයක් දුන්න එකෙනුත් දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?

  • බයිබලයෙන් දැනගත්ත දේ ලිලීගේ හිතට වැදුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? ඔයා හිතන විදිහට ඒක නීටාට බලපෑවේ කොහොමද?