Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

ප්‍රශ්න අහන්න

ප්‍රශ්න අහන්න

යෙහෝවා දෙවියන් “ප්‍රීතිමත් දෙවි” කෙනෙක් නිසා අපි සේවයෙන් සතුටක් ලබනවා දකින්න ඔහු කැමතියි. (1තිමෝ 1:11) සේවයේ තව දක්ෂ වෙන්න උත්සාහ කරද්දී අපි ලබන සතුට තව වැඩි කරගන්න අපිට පුළුවන්. කෙනෙක් තුළ උනන්දුවක් ඇති කරන්නත් සාකච්ඡාවක් පටන්ගන්නත් ප්‍රශ්න අහන එක හොඳ විදිහක්. යම් දෙයක් ගැන තර්කානුකූලව හිතලා බලන්න ඒක උදව් වෙනවා. (මතෙ 22:41-45) කෙනෙක්ගෙන් ප්‍රශ්න අහද්දිත් එයාට හොඳින් ඇහුම්කන් දෙද්දිත් අපි පෙන්වන්නේ ඇත්තටම අපි එයා ගැන සැලකිලිමත් කියලයි. (යාකො 1:19) කෙනෙක් දෙන උත්තරවලින් අපි ඊළඟට කියන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න පුළුවන්.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ලිලීට තිබුණේ මොන වගේ හොඳ ගතිගුණද?

  • නීටා කොහොමද ලිලී ගැන පෞද්ගලික සැලකිල්ල පෙන්නුවේ?

  • ශුභාරංචිය ගැන ලිලීගේ උනන්දුව වැඩි කරන්න නීටා ප්‍රශ්න යොදාගත්තේ කොහොමද?

  • දෙයක් ගැන තර්කානුකූලව හිතලා බලන්න ලිලීට උදව් කරන්න නීටා ප්‍රශ්න යොදාගත්තේ කොහොමද?