Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයව අනුකරණය කරන්න එපා

දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයව අනුකරණය කරන්න එපා

කෝරා, දාතාන් සහ අබිරාම් යෙහෝවා දෙවියන් ඇති කරලා තිබුණ සැලැස්මට විරුද්ධව කැරලිගහලා දෙවියන්ට අවිශ්වාසවන්ත වුණා. කැරලිගහපු අයවයි, එයාලට සහාය වුණ අයවයි යෙහෝවා දෙවියන් විනාශ කළා. (ගණන් 16:26, 27, 31-33) යෙහෝවා දෙවියන්ට තියෙන අපේ විශ්වාසවන්තකම සෝදිසියට ලක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? දෙවියන්ට අවිශ්වාසවන්ත වුණු අයව අනුකරණය කරන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන බයිබල් ආදර්ශ මොනවාද?

‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • නාඩියාට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

  • අධෛර්යය වුණ සහෝදරයෙක්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

  • ටෙරන්ස්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?

  • පාසැලේදී සහෝදරයෙක්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? දිගටම විශ්වාසවන්තව ඉන්න එයා පාඩමක් ඉගෙනගත්තේ කාගේ අවාදර්ශයෙන්ද?