Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ඔයාගේ රජ කවුද?

ඔයාගේ රජ කවුද?

හිතුමතේට වැඩ කරපු ඊශ්‍රායෙල්වරු රජෙක්ව ඉල්ලුවා (1සාමු 8:4, 5; it-2-E 163 1¶)

පාලකයා විදිහට යෙහෝවා දෙවියන් හිටියත් ඊශ්‍රායෙල්වරු ඒකෙන් සෑහීමට පත් වුණේ නැහැ (1සාමු 8:7, 8; w11 1/1 27 2¶)

රජෙක්ව පත් කරගත්තොත් අද්දකින්න වෙන ප්‍රතිඵල ගැන යෙහෝවා අනතුරු ඇඟෙව්වා (1සාමු 8:9, 18; w10 1/15 30 9¶)

අතීතයේ ඉඳලාම යෙහෝවා දෙවියන් තමයි මුළු විශ්වයේම පාලකයා විදිහට හිටියේ. ඔහු තමන්ගේ සේවකයන්ට ආදරෙන්, ගෞරවෙන් සලකනවා. අපි දිගටම ඔහුට කීකරු වෙලා ඔහුගේ පාලනයට සහයෝගය දෙනවා නම් හැමදාටම ආශීර්වාද අද්දකින්න පුළුවන්.

මේ ගැන හිතන්න. ‘මගේ පාලකයා විදිහට යෙහෝවා දෙවියන්ව පිළි අරන් ඉන්නවා කියලා මං පෙන්නන්නේ කොහොමද?’