දේවවචනය නිධානයක්
සාවුල් මුලදී නිහතමානී කෙනෙක්
සාවුල් මුලදී නිහතමානී විදිහට වැඩ කරපු නිසා සීමාව තේරුම් අරන් වැඩ කළා. රජකම භාරගන්නත් එයා අදිමදි කළා (1සාමු 9:21; 10:20-22; w20.08 10 11¶)
මිනිස්සු එයාට අපහාස කරද්දී සාවුල් කේන්ති ගත්තේ නැහැ (1සාමු 10:27; 11:12, 13; w14 3/15 9 8¶)
යෙහෝවාගෙන් ලැබුණ මඟ පෙන්වීම සාවුල් පිළිගත්තා (1සාමු 11:5-7; w95 12/15 10 1¶)
අපි නිහතමානියි නම් අපිට තියෙන හැකියාවන්, වරප්රසාද යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑගි විදිහට අපි සලකනවා. (රෝම 12:3, 16; 1කොරි 4:7) ඒ වගේම හැම කාරණයකදීම දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයලා බලලා ඒවාට කීකරු වෙනවා.