Skip to content

පටුනට යන්න

දේවමාලිගාවේ වැඩකටයුතුවල දියුණුව ගැන සලමොන් රජ හොයලා බලනවා

දේවවචනය නිධානයක්

ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්

ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්

ඉස්තරම්ම දේවල් පාවිච්චි කරලයි සලමොන් දේවමාලිගාව හැදුවේ (1රාජා 5:6, 17; w11 2/1 15)

ඊශ්‍රායෙල්වරු හුඟදෙනෙක් දේවමාලිගාවේ වැඩවලට බැහැලා වැඩ කෙරුවා (1රාජා 5:13-16; it-1-E 424; it-2-E 1077 1¶)

දේවමාලිගාව හදලා ඉවර කරන්න සලමොන් සහ සෙනඟ අවුරුදු හතක් තිස්සේ මහන්සි වුණා (1රාජා 6:38; කවරයේ පින්තූරය බලන්න)

දෙවියන්ට ප්‍රශංසා කරන්න ඒ තරම් ලස්සන දේවමාලිගාවක් හදන්න එයාලට පුළුවන් වුණේ එයාලගේ හිතේ යෙහෝවා ගැන තිබුණ ආදරේ නිසයි. කාලයක් යද්දී දෙවියන්ට නමස්කාර කරන්න තිබුණ ආසාව, උද්‍යෝගය ඊශ්‍රායෙල්වරුන්ගේ හිත්වලින් නැත්තටම නැති වෙලා ගියා. දේවමාලිගාවත් නොසලකා හැරියා. අන්තිමට සතුරන් දේවමාලිගාව විනාශ කළා.

මේ ගැන හිතන්න. ‘දිගටම උද්‍යෝගයෙන් සේවය කරන්න මම මොනවාද කරන්නේ?’