යහපත් ක්‍රිස්තියානීන් වෙමු | අලුත් සේවා වසරට ඉලක්කයක්!
ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න
හුරු පුරුදු පැත්ත දාලා අලුත් තැනකට ගිහින් සේවය කරන්න නම් කෙනෙක්ට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (හෙබ්‍රෙ 11:8-10) ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට යන්න ඔයා හිතනවා නම් වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න. යන ප්‍රදේශය තෝරගන්නත් ඒ තීරණයට අදාළ හැම පැත්තක්ම හිතලා බලන්නත් ඔයාට මොනවද කරන්න පුළුවන්? අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරු හොයලා බලන්න. වෙනත් සභාවකට ඒ වගේ සේවයක් කරන්න ගිය අයත් එක්ක කතා කරන්න. (හිතෝ 15:22) යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. (යාකො 1:5) යන්න හිතන් ඉන්න තැන ගැන තීරණය ගන්න කලින් පුළුවන් නම් ඒ ප්‍රදේශයට ගිහින් ටික දවසක් නැවතිලා තව තොරතුරු හොයලා බලන්න.
‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
සේවය වැඩි කරන්න ගේබ්‍රියෙල්ට එයා හිතන විදිහේ මොන වගේ වෙනසක් කරන්න වුණාද? ඒක කරන්න එයාට උදව් වුණේ මොනවාද?