දේවවචනය නිධානයක්
ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න
උදව් ඉල්ලලා අපි යාච්ඤා කරද්දී යෙහෝවා අහක බලන්නේ නැහැ (2සාමු 22:7)
ඕනෙම සතුරෙක්ට වඩා යෙහෝවා බලවත් (2සාමු 22:14-18; cl 19 11¶)
යෙහෝවා අපි ළඟින්ම ඉඳලා අත්හරින්නේ නැතුව උදව් කරනවා (2සාමු 22:26; w10 6/1 26 4-6¶)
අපි මුහුණ දෙන දුක් පීඩා නවත්තන්න යෙහෝවාට පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට ඔහු කරන්නේ ඔහුගේ බලය, ඔහුගේ වචනය සහ සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරලා ඒවාට හොඳින් මූණ දෙන්න අපිට උදව් කරන එකයි. (ගීතා 55:22) ඔහුගෙන් උදව් ලබාගන්න අපි මොනවද කරන්න ඕනේ?