සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
යෙහෝවා කැමති ඔහුට තියෙන ආදරේ නිසා අපි ඔහුට සේවය කරනවා දකින්න. (මතෙ 22:37, 38) යෙහෝවා ගැන ලොකු ආදරයක් තිබුණොත් තමයි ජීවිතේ වෙනස්කම් කරගෙන පීඩා මැද වුණත් නොසැලී ඉන්න බයිබල් ශිෂ්‍යයන්ට පුළුවන් වෙන්නේ. (1යොහ 5:3) කැප වෙලා බව්තීස්ම වෙන්න එයාලට උදව් වෙන්නෙත් ඒ ආදරේම තමයි.
යෙහෝවා එයාට කොච්චර ආදරෙයිද කියලා තේරුම්ගන්න ඔයාගේ ශිෂ්‍යයාට උදව් කරන්න. පාඩම කරද්දී “මේකෙන් යෙහෝවා ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද,” “යෙහෝවා ඔයාට ගොඩක් ආදරෙයි කියලා මේකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද” වගේ ප්‍රශ්න අහන එක ඒකට උදව් වෙයි. යෙහෝවා පෞද්ගලිකව එයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න. (2ලේක 16:9) ඔයා කරපු යාච්ඤාවලට යෙහෝවා උත්තර දීපු විදි ගැන එයාට කියන්න. එයාගේ යාච්ඤාවලට යෙහෝවා උත්තර දෙන විදි ගැන අවධානෙකින් ඉන්න කියලත් එයාව දිරිගන්වන්න. ශිෂ්‍යයා යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති කරගෙන ඔහුගේ යාළුවෙක් වෙනවා දකිද්දී කියාගන්න බැරි තරම් සතුටක් ඔයාට දැනෙයි!
‘යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ලිලීට මුහුණ දෙන්න වුණේ මොන අභියෝගයටද?
-
නීටා ලිලීට උදව් කළේ කොහොමද?
-
ලිලී ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?