Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා ගැන විශ්වාසය තියන්න!

යෙහෝවා ගැන විශ්වාසය තියන්න!

දාවිත්ට ගොලියත්ව පරද්දන්න පුළුවන් වුණේ එයා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියපු නිසයි. (1සාමු 17:45) තමන්ගේ සේවකයන්ට බලය දීලා එයාලව ශක්තිමත් කරන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. (2ලේක 16:9) අපේම හැකියාවන් සහ අද්දැකීම් ගැන විශ්වාසය තියනවා වෙනුවට යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? මේ දේවල් තුන ඒකට උදව් වෙයි.

  • නිතරම යාච්ඤා කරන්න. වරදකට සමාව ඉල්ලන්න විතරක් නෙවෙයි වැරදි පෙලඹීමක් එද්දී ඒකට අහු නොවී ඉන්න උදව් ඉල්ලලත් යාච්ඤා කරන්න. (මතෙ 6:12, 13) ගත්ත තීරණයකට ආශීර්වාද ඉල්ලන්න විතරක් නෙවෙයි තීරණයක් ගන්න කලින් ප්‍රඥාව සහ මඟ පෙන්වීම් ඉල්ලලත් යාච්ඤා කරන්න.—යාකො 1:5

  • බයිබලය කියවන එක, අධ්‍යයනය කරන එක පුරුද්දක් කරගන්න. හැමදාම බයිබලේ කියවන්න. (ගීතා 1:2) බයිබල් චරිත ගැන හොඳට හිතලා එයාලගෙන් ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න. (යාකො 1:23-25) සේවය කරලා ඔයාට හුඟක් අද්දැකීම් තිබුණත් සේවයේ යන්න කලින් හොඳට සූදානම් වෙන්න. රැස්වීම්වලට හොඳට සූදානම් වෙලා රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න

  • සංවිධානයට උපරිමයෙන් සහයෝගය දෙන්න. සංවිධානයෙන් ලැබෙන අලුත්ම මඟ පෙන්වීම් ගැන දැනුවත් වෙන්න. ඒවා ඉක්මනින්ම අදාළ කරගන්න. (ගණන් 9:17) වැඩිමහල්ලන් උපදෙසක්, මඟ පෙන්වීමක් දෙද්දී හොඳට ඇහුම්කන් දෙන්න.—හෙබ්‍රෙ 13:17

‘හිංසා පීඩාවලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

• සහෝදර සහෝදරියන් බයෙන් හිටියේ මොන දේවල් ගැනද?

• බයෙන් ගොඩ එන්න එයාලට උදව් වුණේ මොනවාද?