සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් හැම අතින්ම පිරිසිදු ජීවිතයක් ගත කරන අයට විතරයි. (1පේතෘ 1:14-16) බයිබල් ශිෂ්‍යයෙක් නරක පුරුදු අත්හරිද්දී පවුලක් විදිහට සතුටින් ඉන්න, නිරෝගීව ඉන්න විතරක් නෙවෙයි සල්ලි ඉතුරු කරගන්නත් එයාට පුළුවන් වෙනවා.
යෙහෝවා දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති මොනවාද, ඔහු ඒවා දීලා තියෙන්නේ ඇයි, ඒවා පිළිපදින එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා ශිෂ්‍යයාට පැහැදිලිව විස්තර කරන්න. හිතන විදිහ වෙනස් කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න. එතකොට යෙහෝවා කැමති දේ කරන්න එයා පෙලඹෙයි. (එෆී 4:22-24) කාලයක් තිස්සේ තිබුණ නරක පුරුද්දක් වුණත් යෙහෝවාගේ උදව්වෙන් අත්හරින්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න. (ෆිලි 4:13) වැරදි දෙයක් කරන්න හිතෙද්දිම ලොකු ඕනෙකමකින් යෙහෝවාට යාච්ඤා කරන්න කියලා එයාට කියන්න. වරදට වැටෙන්න පුළුවන් අවස්ථා කලින්ම අඳුරගන්නත් ඒවා මඟහරින්නත් ශිෂ්‍යයාට උදව් කරන්න. නරක පුරුදු අත්හැරලා ප්‍රයෝජනවත් වෙන දෙයක් කරන්න එයාව දිරිගන්වන්න. ශිෂ්‍යයා යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් වෙනස්කම් කරනවා දකිද්දී ඒකෙන් ඔයාගේ සතුටත් වැඩි වෙයි.
‘දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ලිලීගේ නරක පුරුද්ද ගැන දැනගත්තාම වැඩිමහල්ලනුයි නීටායි ලිලීට සැලකුවේ කොහොමද?
-
නීටා දිගටම ලිලීට උදව් කළේ කොහොමද?
-
ලිලී යෙහෝවා දෙවියන්ගෙන් උදව් ගත්තේ කොහොමද?