Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ ආශාවන් පාලනය කරගන්න

ඔයාගේ ආශාවන් පාලනය කරගන්න

පව්කාරකම උරුම වෙලා තියෙන අපිට අපේ ආශාවන් පාලනය කරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. අපිට ආස හිතෙන හැම දේම අපි කරන්න ගියොත් අන්තිමේදී යෙහෝවා එක්ක අපිට තියෙන බැඳීමත් නැති වෙයි. උදාහරණෙකට සමහරු කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් වගේ දේවල්වලට තියෙන ආශාව නිසා දෙවියන්ව දෙවෙනි තැනට දාලා තියෙනවා. තවත් අය දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැතුව වැරදි ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්නවා. (රෝම 1:26, 27) අනිත් අයගේ පිළිගැනීම ලබන්න තියෙන ආශාව නිසාත් සමහරු වැරදි දේවල් කරන්න පෙලඹිලා තියෙනවා.—නික් 23:2.

වැරදි ආශාවන් පාලනය කරගන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න උපරිමයෙන් වෑයම් කරන එක ඒකට උදව් වෙනවා. (මතෙ 4:4) ඒ වගේම වැරදි ආශාවන් පාලනය කරගන්න උදව් ඉල්ලලා අපි ලොකු ඕනෙකමකින් යාච්ඤා කරන්න ඕනේ. මොකද අපිට හොඳම දේ මොකක්ද කියලත් අපේ ආශාවන් තෘප්තිමත් කරන්න පුළුවන් කොහොමද කියලත් අපිට වඩා හොඳින් ඔහු දන්නවා.—ගීතා 145:16.

‘දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සමහරු සිගරට් බොන්නේ ඇයි?

  • සිගරට් බිව්වොත් මොනවා වෙයිද?

  • සිගරට්, ඉලෙක්ට්‍රෝනික සිගරට් බොන එක වැරදි ඇයි?—2කොරි 7:1

  • සිගරට් බොන පුරුද්දෙන් ගොඩ එන්න ඔයාට පුළුවන්!

    කෙනෙක් ඔයාට සිගරට් එකක් දෙද්දී “එපා” කියන්නත් සිගරට්වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්නත් පුළුවන් කොහොමද?