දේවවචනය නිධානයක්
ඔයාව පාලනය කරන්න වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!
දාවිත් එයාගේ හිතේ ඇති වුණ වැරදි ආශාව තව තවත් වැඩෙන්න ඉඩ දුන්නා (2සාමු 11:2-4; w21.06 17 10¶)
වරද වහගන්න දාවිත් එයාගේ අධිකාරිය වැරදි විදිහට පාවිච්චි කළා (2සාමු 11:5, 14, 15; w19.09 17 15¶)
කරපු වරද නිසා දාවිත්ට හුඟක් නරක ප්‍රතිඵල අද්දකින්න වුණා (2සාමු 12:9-12; w18.06 17 7¶)
වැරදි දෙයක් දිහා බලන්නෙවත් ඒ ගැන හිතන්නෙවත් නැතුව ඉන්න නම් අපි අපිවම පාලනය කරගන්න ඕනේ. (ගලා 5:16, 22, 23) අපේ හිතට එන වැරදි ආශාවන් හිතේ මුල් අදින්නේ නැතුව ඉන්න උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.
මේ ගැන හිතන්න. ‘මගේ සිතුවිලි මං වැඩියෙන්ම පාලනය කරගන්න ඕනෙ මොන වගේ පැතිවලින්ද?’