Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ ප්‍රකාශනයෙන් විශ්වාසය ගොඩනඟන්න

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ ප්‍රකාශනයෙන් විශ්වාසය ගොඩනඟන්න

දෙවියන්ව සතුටු කරන්න නම් බයිබල් ශිෂ්‍යයන් ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්න ඕනේ. (හෙබ්‍රෙ 11:6) ඒකට උදව් කරන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඒ පොතේ ප්‍රධාන කරුණු පෙන්නන බයිබල් පද, තර්කානුකූල තොරතුරු, හිතන්න පොලඹවන ප්‍රශ්න, වීඩියෝ සහ ලස්සන පින්තූර තියෙනවා. දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න අපි එයාලට උදව් කරද්දී ඇත්තටම අපි කරන්නේ ගින්නට ඔරොත්තු දෙන විශ්වාසයක් ගොඩනඟාගන්න උදව් කරන එකයි.—1කොරි 3:12-15.

පේන්නේ නැති දෙවි කෙනෙක්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න සමහරුන්ට ලේසි නැහැ. ඒ නිසා යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරන් ඔහු ගැන විශ්වාසයක් ඇති කරගන්න අපි එයාලට උදව් කරන්න ඕනේ.

‘“හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොත පාවිච්චි කරලා යෙහෝවා ගැන විශ්වාසය ශක්තිමත් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අපේ සහෝදරිය පාඩමට හොඳින් සූදානම් වෙලා හිටියා කියලා කියන්න පුළුවන් ඇයි?

  • යෙසායා 41:10, 13 ගැන ශිෂ්‍යයා හිතන විදිහ දැනගන්න සහෝදරිය දක්ෂ විදිහට ප්‍රශ්න පාවිච්චි කළේ කොහොමද?

  • බලපු වීඩියෝ එක සහ බයිබල් පද ශිෂ්‍යයාට බලපෑවේ කොහොමද?

යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන් අපිට දීපු වටිනා තෑග්ගක් කියලා තේරුම්ගන්න හුඟක් අයට අමාරුයි. (ගලා 2:20) ඒ නිසා යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසයක් ඇති කරගන්න අපි එයාලට උදව් කරන්න ඕනේ.

‘“හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොත පාවිච්චි කරලා යේසුස් ගැන විශ්වාසය ශක්තිමත් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අපේ සහෝදරයා පාඩමට හොඳින් සූදානම් වෙලා හිටියා කියලා කියන්න පුළුවන් ඇයි?

  • ශිෂ්‍යයාට උදව් කරන්න “තව දැනගන්න” කොටසේ තොරතුරු එයා හොඳින් පාවිච්චි කළේ කොහොමද?

  • යාච්ඤා කරන එක ශිෂ්‍යයාට හුඟක් වැදගත් වෙන්නේ ඇයි?