Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත”

“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත”

සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි හැම දෙයක්ම කරන්නේ ආදරෙන් පෙලඹිලා. අපි ‘අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ.’ (1කොරි 13:4, 6) ඒ නිසයි විනෝද වෙන්න අපි අනාචාරය සහ ප්‍රචණ්ඩකාරී දේවල් තියෙන කිසිම දෙයක් තෝරගන්නේ නැත්තේ. ඒ වගේම අපිව රිද්දන කෙනෙක් කරදරේක වැටෙද්දී අපි ඒ ගැන සතුටු වෙන්නෙත් නැහැ.—හිතෝ 17:5.

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සාවුල් සහ යොනාතාන් මැරුණා කියලා දැනගත්තාම දාවිත් මොකද කළේ?

  • සාවුල් සහ යොනාතාන් වෙනුවෙන් දාවිත් රචනා කරපු විලාප ගීය මොකක්ද?

  • සාවුල් මැරුණ එක ගැන දාවිත් සතුටු වුණේ නැත්තේ ඇයි?