Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි’

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි’

අපි අපේ සහෝදරයන්ට යෙහෝවා දෙවියන් වගේ ආදරේ කරනවා නම් එයාලා තේරීමක් කරද්දී හරි තීරණය ගනියි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. (1කොරි 13:4, 7) උදාහරණෙකට බරපතළ වරදක් කරලා හික්මවීමක් ලැබුණ සහෝදරයෙක් ඒ හික්මවීම පිළි අරන් වරද හදාගන්න මහන්සි වෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් නැති අය එක්ක අපි හරිම ඉවසීමෙන් වැඩ කරනවා. අපිට ඕනෙ අවබෝධය ටිකෙන් ටික වැඩි කරගන්න එයාලට උදව් කරන්න. (රෝම 15:1) කෙනෙක් සභාව අත්හැරලා ගියොත් එයා කවදා හරි දවසක ආයෙත් එයි කියන බලාපොරොත්තුව අපි නැති කරගන්නේ නැහැ.—ලූක් 15:17, 18.

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අබ්නේර් දාවිත්ගේ පැත්ත ගන්න තීරණය කෙරුවේ ඇයි?

  • අබ්නේර් කරපු ඉල්ලීමට දාවිත් කිව්වේ මොනවාද? යෝවාබ් කළේ මොනවාද?

  • සහෝදරයන් ගැන තියෙන බලාපොරොත්තු අත්හැරගන්න හොඳ නැත්තේ ඇයි?