Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කලබලකාරී තත්වයකට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද?

කලබලකාරී තත්වයකට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද?

මේ සමාජයේ අවසානය ළං වෙද්දී දේශපාලන ගැටුම්, ත්‍රස්තවාදී ක්‍රියා, යුද්ධ එන්න එන්නම වැඩි වෙනවා. (එළි 6:4) ඉදිරියේදී එන අභියෝගවලට දැන් ඉඳලා ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද?

  • විශ්වාසය ශක්තිමත් කරගන්න. යෙහෝවා ගැනත්, ඔහුගේ සංවිධානය ගැනත් තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති සහ බයිබල් වාර්තා අධ්‍යයනය කරන්න. දේශපාලන කාරණාවලදී පැති නොගෙන ඉන්න ඒක උදව් වෙයි. (හිතෝ 12:5; jr 166-167 23-24¶) සභාවේ අයව කිට්ටු යාළුවන් කරගන්න එකත් කල් දාන්න එපා.—1පේතෘ 4:7, 8.

  • අත්‍යවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න. ගෙදරින් එළියට බහින්න බැරි තත්වයක් ඇති වුණොත් කරන්නේ මොනවාද කියලා දැන්ම සැලසුම් කරගන්න. අත්‍යවශ්‍ය දේවල් ගෙනත් තියාගන්න. හදිසි ආපදාවක් නිසා ගෙදරින් යන්න වුණොත් කොහේටද යන්නේ කියලා සැලසුම් කරන්න. ආපදා මල්ලේ අවශ්‍ය දේවල් තියෙනවාද කියලා බලන්න. සල්ලි වගේම ග්ලව්ස්, මාස්ක් වගේ දේවල් ඒකේ තියෙනවාද කියලා බලන්න. වැඩිමහල්ලන්ට කතා කරන්න ඕන කරන තොරතුරු ළඟ තියාගන්න. ඒ වගේම ඔයාව සම්බන්ධ කරගන්න උදව් වෙන තොරතුරු වැඩිමහල්ලන්ට දීලා තියන්න.—යෙසා 32:2; g17.5 3-7

රටේ කලබලකාරී තත්වයක් ඇති වුණත් නමස්කාර කටයුතු අතපසු කරන්න එපා. (ෆිලි 1:10) අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න එහෙ මෙහෙ යන්න එපා. (මතෙ 10:16) කෑම බීම වගේ දේවල් අනිත් අය එක්ක බෙදාගන්න.—රෝම 12:13.

‘ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • විපතකට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

  • කලින්ම ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද?

  • විපත්තිවලට මුහුණ දෙන අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?