Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න

මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න

යේසුස් සේවේ කරද්දී ඒ කාලේ සිද්ධ වුණ දේවල් ගැන කියලා මිනිස්සුන්ට වැදගත් පාඩම් ඉගැන්නුවා. (ලූක් 13:1-5) ඒ දේම කරලා අපේ පණිවිඩේ ගැන උනන්දුවක් මිනිස්සුන්ගේ හිත්වල ඇති කරන්න ඔයාටත් පුළුවන්. උදාහරණෙකට දවසින් දවස ඉහළ යන ජීවන වියදම, කෙළවරක් නැති ස්වාභාවික විපත්, දේශපාලන ගැටුම්, මිනිස්සු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන එක වගේ දෙයක් ගැන කිව්වාට පස්සේ ඔයාට පුළුවන් මෙහෙම අහන්න. “ඔයා හිතනවාද . . . නැති කාලයක් එයි කියලා?” නැත්නම් “ඔයාට හිතෙන විදිහට . . . විසඳුම මොකක්ද?” ඊටපස්සේ ඔයාට පුළුවන් ගැළපෙන බයිබල් පදයක් කියවන්න. එයා පණිවිඩේට උනන්දුයි නම් ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් ගැන හරි වීඩියෝ එකක් ගැන හරි එයාට කියන්න. ඒ විදිහට මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන්න අපි උත්සාහ කරද්දී ‘හැම දෙයක්ම කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්’ කියලා කියන්න අපිටත් පුළුවන්.—1කොරි 9:22, 23.

ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අය මොන වගේ දේවල් ගැන කතා කරන්න කැමති වෙයිද?