Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!

මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!

මේ කාලේ ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න අපිට ඕනෙ කරන හැම උදව්වක්ම බයිබලේ තියෙනවා. (2තිමෝ 3:1, 16, 17) ඒත් ගැළපෙනම බයිබල් ප්‍රතිපත්ති හොයාගන්න එක ලේසි නැහැ. උදාහරණෙකට ඔයා දරුවන්ව හොඳට හදා වඩා ගන්න උදව් හොයන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්ද? ඔයා අභියෝග මැද යෙහෝවාට තියෙන ආදරය රැකගන්න මහන්සි වෙන යෞවනයෙක්ද? ඔයා වියෝදුකෙන් ඉන්න සැමියෙක්ද, බිරිඳක්ද? ඔයාගේ ප්‍රශ්නවලට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති හොයාගන්න ඔයා කැමතිද? එහෙමනම් jw.org වෙබ් අඩවියට යන්න!—හිතෝ 2:3-6.

වෙබ් අඩවියට ගිහින් බයිබල් ඉගැන්වීම් ටැබ් එක ඔබන්න. (1වෙනි පින්තූරය බලන්න.) ඊටපස්සේ කැමති විෂයක් තෝරගන්න. නැත්නම් ලයිබ්‍රරි > වෙබ් ලිපි යටතේ තියෙන විෂයක් තෝරගන්න. (2වෙනි පින්තූරය බලන්න.) ඒ වෙබ් ලිපි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙනුත් බලන්න පුළුවන්. * ඒ තැන්වල තියෙන අනිත් ලිපි බලන්නත් ඔයා කැමති වෙයි. කරන්න පුළුවන් තව දෙයක් තමයි jw.org එකේ මුල් පිටුවේ තියෙන “සොයන්න” කියන කොටුවේ කැමති වචනය ටයිප් කරලා විස්තර හොයාගන්න එක.

පහළ තියෙන වචන “සොයන්න” කියන කොටුවේ ටයිප් කරලා ඔයා කියවන්න කැමති ලිපි සටහන් කරන්න.

  • දරුවන් ඇතිදැඩි කිරීම

  • මානසික අවපීඩනය

  • වියෝදුක

^ සමහර ලිපි දැනට තියෙන්නේ jw.org එකේ විතරයි.